චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයන් හි පරිණාමය පිළිබඳ මුල්ම අනාවරණය චීනයෙන්

චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය විසින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයන් හි පාංශු සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය හෙළිදරව් කෙරේ. එමගින් චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල පරිණාමය පිළිබඳ තොරතුරු ඉතිහාසයේ ප්‍රථම වරට අනාවරණය කිරීමට චීනය සමත් වීම විශේෂත්වයකි.

චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේය.‍ඒ අනුව, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳු ක්‍රියාකාරකම් ඉපැරණි චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ විදහා දැක්වෙයි. මෙම අනාවරණයන් සියල්ල 4 ඊයේ (09) රාත්‍රියේ ජාත්‍යන්තර විද්‍යා සඟරාවක් වන Nature හි එළි දක්වා ඇත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *