ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ (08) පැවැත්වුණා
ප්‍රවීණ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන ගයත් ජයසිංහ මහතා මෙවරත් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පැසිපන්දු සංගමයේ සභාපති ධූරය සඳහා තේරී පත්ව තිබෙනවා.
ලේකම් වරයා ලෙස තෝරා පත්කර ගෙන ඇත්තේ චමින්ද අල්විස් මහතයි.
නිලධාරී මණ්ඩලය තේරීමෙන් අනතුරුව සංගමයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී ගයත් ජයසිංහ මහතා සඳහන් කළේ නොවැම්බර් මාසය අග දී ප්‍රවීණයන්ගේ වැසිපන්දු තරගාවලිය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි .