අමෙරිකානු සමාජ මාධ්‍යවලට ආණ්ඩු නැති කිරීමට ඉඩ විවර වෙලා – බුදුන්ගේ දේශනාවෙන් රනිල් නේපාලයට මග පෙන්වයි

නේපාලයේ කත්මණ්ඩු නුවර තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු ගණනාවක් අවධාරණය කර තිබෙනවා.

නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර තිබෙනවා.

අමෙරිකාවේ youtube , google සහ facebook වැනි සමාජ මාධ්‍ය ආයතනවලට වෙනත් රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ විවර වීම අවතක්සේරු කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා එහි දක්වා තිබෙනවා.

එනිසා බුදුන් වහන්සේ දේශනා කළ ‘සප්ත අපරිහානී ධර්මය’ නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *