අලි මිනිස් ගැටුම් වලක්වන්න විපක්ෂ නායකගෙන් දසවදෑරුම් වැඩපිළිවෙළක්

අලි මිනිස් ගැටුම වළක්වන්න රට වටේ තුවක්කු නොබෙද දසවදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනාවක් කර තිබෙනවා.

ඒ යටතේ

01- විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වන අලි සංගණනයක් ක්‍රියාත්මක විය යුතුයි.

02- 2020 වසරේ වන අලි මිනිස් ගැටුම අවම කරන්න නිර්මාණය කළ ජාතික සැලසුම වහාම ක්‍රියාත්මක කළ යුතුයි.

03- මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර විවිධ ආයතන හා අමාත්‍යාංශ සම්බන්ධීකරණය කර 2020 ක්‍රියාකාරි සැලසුම ඉදිරියට ගෙන යා යුතුයි.

04- ඇතුන් සංරක්ෂණය කරන ආරක්ෂා කරන විශේෂ බලකායක් නිර්මාණය කළ යුතුය.

05- වනඅලි මිනිස් ගැටුම අවම කරන්නට කටයුතු කිරීමේ දී දත්ත කේන්ද්‍රීයව ක්‍රියාත්මක විය යුතුය.

06- අලි මිනිස් ගැටුම නිසා ජිවිත හානි, දේපල හානි, වගා හානි විශාල ලෙස සිදුවන නිසා නිසි රක්ෂණ හා වන්දි ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි.

07- මීට වසර කිහිපයකට පෙර යෝජනා කළ Project Elephant, Project Leopard, Project Whale වැනි ජාතික වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුයි.

08- හරිත කේන්ද්‍රීය හා වනජීවී සංරක්ෂණ කේන්ද්‍රීයව ආධාර ලබා ගත හැකි නිසා මේවා කෙරෙහි අවධානය යොමු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

09- වන ජිවී ක්ෂේත්‍රයේ ඇති මානව හා භෞතික සම්පත් හිගතාවට පියවීමට කටයුතු කළ යුතු යි.

10- පරිසරය, වනජීවී සංරක්ෂණය කේන්ද්‍ර කර ගත් දැනුම ලබා දෙන නූතන මට්ටමේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ යුතු යි.

ඒ යටතේ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් පරිසර කේන්ද්‍රීය සංරක්ෂණ වැඩසටහන් හරහා සංචාරක ක්ෂේත්‍රය ද ඉහළ නැංවිය හැකි බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *