සුපිරි ජයක් ලබමින් ඉන්දියාව ආසියානු කුසලානයට පා තබයි

එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (10) පැවති ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගයේදී සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 13.1කදී සියලු දෙනා දැවී ලකුණු 57ක් රැස් කළ අතර කුල්දීප් යාදව් පන්දුවාර 2.1කදී ලකුණු 7කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

ශිවාම් දූබේ කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 4ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම තරගයේ පන්දුවාර 4ක් සහ පන්දු 3ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ජය ලබා ගත්තා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *