ජූනි 11 වන දින සිට ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අද එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
WTC අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පස්වරු තුනට ආරම්භවේ.
ජයග්‍රහකයින් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් ලබාදීමට නියමිතයි. දෙවන ස්ථානය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.16 ක මුදලක් ලබා දේ.
තරගය ජය පරාජයෙන් තොරව හෝ සම තත්ත්වයෙන් අවසන් වුවහොත් ලෝක ටෙස් ශූරතා සෙංකෝලය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර බෙදාගනු ඇත.
තරඟයේ ජුනි 11 වන දින සිට 15 වන දින දක්වා පැවැත්වේ. ජුනි 16 වන දින අතිරේක දිනයක් ලෙස තබා ඇත.
ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් එකලොස් දෙනාගේ නම් නිල වශයෙන් දැනුම් දීම ඊයෙ දිනයේදී සිදුවුනා.
දකුණු අප්‍රිකා XI :ඒඩන් මාක්‍රම්,රයන් රිකෙල්ටන්, වියාන් මෝල්ඩර්, ටෙම්බා බවුමා (c), ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙඩිංහැම්, කයිල් වෙරයින් (wk), මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ්, කගීසෝ රබාඩා.
ඕස්ට්‍රේලියානු XI කණ්ඩායම : උස්මාන් කවාජා,මාර්නස් ලබුශේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියු වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි (wk), පැට් කමින්ස් (c), මිචෙල් ස්ටාක්, නේතන් ලියොන්,ජොෂ් හේසල්වුඩ්.