මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියරට කැබිනට් අනුමැතිය

සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේක්ෂිත පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමටත් මධ්‍යම අධිවේගී මාර්ගය අදියර IV සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර IV ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසට අදාළ ඉදිරි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දැනට අත්හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකයි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV (කුරුණෑගල – දඹුල්ල) සඳහා අත්කර ගත්, වන්දි මුදල් කොටසක් ගෙවා ඇති ඉඩම් කැබලි සඳහා ඉතිරි වන්දි මුදල් ගෙවීමටත්, වන්දි මුදල් නොගෙවූ ඉඩම් කැබලි ඉඩම් අත්පත් කර ගැනීමේ පනත ප්‍රකාරව අවසතු කිරීමටත් 2023 වර්ෂයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *