අදත් තද වැසි ඇතිවීමේ ලකුණු

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නුවරඑළිය,මහනුවර,කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ වූ තද වැසි ඇති වේ.
උතුරු පළාතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මද වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විටින් විට හමන සුළඟ පැ.කි.මී. (50-60) අතර වේ.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *