යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යනාංශයට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සවයක් පසුගියදා පැවැත්වුණා.
ඒ යාපනය විශ්වවිද්‍යාලයීය කෛලාසපති ශ්‍රවණාගාරයේදී.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු A.H.M.D. නවාස් මහතා සහභාගි විය.
යාපනය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා , කලාපීඨයේ පීඨාධිපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රගුරාම්, යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යානාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කෝසලෛ මදන් ඇතුළු විශ්වවිද්‍යාලය ප්‍රජාවක් මෙම උත්සවයට සම්බන්ධ වී තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති අධිනීතිඥ රංජීව් අමරසූරිය මහතා සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති අධිනීතිඥ ප්‍රශාන්ත ද අල්විස් ඇතුළු නීතිඥවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය
යාපනය විශ්වවිද්‍යාලයීය නීති අධ්‍යනාංශයට වසර 20ක් සැපිරේ
