ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක මුදලක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අද (04) පරිත්‍යාග කළා.
මෙය ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක්.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දුන්නා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වුනා.