‘පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්තිය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීමේදී එයට පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ලබාගැනීමයි.
මෙහිදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවසුවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයට වටිනාකමක් ලබාදෙන නායකත්වයක් පවතින බවයි. මෙහි ප්‍රධාන පරමාර්ථය ආර්ථික ප්‍රගතිය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසර භාවය සැකසීම බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මෙම වැඩසටහන අරලියගහ මන්දිරියේදී තෙදිනක් පුරා පැවැත්විණි.මෙය ඊයේ අවසන් වුණා.
මෙම ප්‍රතිපත්තිය මෙරට තුළ පර්යේෂණයට සහ සංවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීම ආදී අරමුණු 10ක් මුල් කරගෙන කෙටුම්පත් කර ඇත.මෙය අන්තර්කරණයේ විවිධත්වය පිළිගැනීම ආදී මූලධර්ම 7කින් ක්‍රියාවට නැන්වෙයි.
තෙදින වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ස්වාධීන පර්යේෂකයෝ ඇතුළු 650කට අධික පිරිසක් එක්ව සිටියා.