අනතුරට ලක් වූ A171 Air ඉන්දියා ගුවන් යානය Boeing 787-8 Dreamliner යානයකි.
විදෙස් වාර්තාවලට අනුව ගුවන් යානා අනතුරට ලක් වූ ස්ථානයේ අසල තිබූ ගොඩනැගිල්ලක් ද ගිනිගෙන දැවි තිබේ.
ගුවන් යානයේ ගමන් ගත් මගීන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, ඉන්දීය ජාතිකයන් 169 , කැලේඩියානු ජාතිකයන් 1 අයෙකු සහ පෘතුගාලයේ 7 දෙනෙක් විය. ඒ අතර වැඩිහිටියන් 217 සහ දරුවන් 11 දෙනෙක් ඇතුලත් වේ.
ගුජරාට් ප්‍රාන්‍තයේ මහා අමාත්‍යවරයා පවසන්නේ කඩිනමින් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සිදුකිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
මේ අතර අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සියලු ගුවන් කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා ඇත.