පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ සියලු පක්ෂ පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට එකඟතාවයකට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.
සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගිජන බලවේගය සමඟ කටයුතු කරන වතුකරයේ පක්ෂ සහ මුස්ලිම් පක්ෂද, ස්වාධීන කණ්ඩායම් මෙම පොදු විපක්ෂයේ එකඟතාවය අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වනවා.
තවත් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සමඟද මේවන විට සාකච්ඡා කරමින් සිටින බවයි තිස්ස අත්තනායක සඳහන් කළේ.
මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදිය.
පළාත් පාලන ආයතන බලය පිහිටුවිමේදී විවෘත ඡන්ද විමසීමක් අවශ්‍ය බව පොදු විපක්ෂ ලෙස තමන් දන්වා ඇති බව ඔහු ප්‍රකාශ කළා.
පක්ෂය ගත් තීරණ අනුව තේරී පත් වූ සභිකයින් කටයුතු කළ යුතු අතර එසේ නොමැති වුවහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද තිස්ස අත්තනායක පෙන්වා දුන්නා.
පොදු විපක්ෂය ලෙස පළාත් පාලන ආයතන 100කට වැඩි ප්‍රමාණයක බලය පිහිටුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.