ඵලදායිතා සංවර්ධන විශේෂඥ( මූලික) අන්තර්ජාතික පුහුණු වැඩසටහන ( Training Course on Development of Productivity Specialist ) අද කොළඹදී ආරම්භ වුණා.
එය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අතර ආසියානු ඵලදායීතා සංවිධානයේ ( APO) අනුග්‍රහයෙනුයි පැවැත්වෙන්නේ.
අද ආරම්භ වූ පුහුණු වැඩසටහන 27 වෙනිදා නිමා වෙනවා. කොළඹ NH collection හෝටලයේදී පැවැත්වෙන වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දහතුනක් සහභාගී වෙනවා.
ඵලදායීතා සංවර්ධන විශේෂඥයන් ප්‍රමාණය 25ක්. මෙහි අරමුණ ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජික රටවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ මෙවලම් හා ශිල්පීය ක්‍රම පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබාදීමයි.
මෙහි දී ඵලදායීතාව හා ව්‍යාපාර තරගකාරීත්වය ,සමාජයේ රටවල ආර්ථික ඵලදායිතාව සඳහා බලපා ඇති ගැටලු හා අභියෝග, ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ශිල්පීය ක්‍රම ,ඵලදායීතා නිපුණතා සංවර්ධනය කිරීම යන කරුණු සාකච්ඡා කෙරනු ඇත.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් S.W.C ජයමිණි ඇතුළු කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජාතික ඵලදායීතා ලේකම් කර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.
