ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා දැඩි අවධානය යොමු කරයි. ඉකුත් ජනවාරි 20වැනි දා සිට අප්‍රේල් 29වැනි දා දක්වා කාල‍යේ ඇමරිකාව නීතිවිරෝධී සංක්‍රමණිකයන් එක් ලක්ෂ 42 දහසක් පමණ පිටුවහල් කර ඇතැයි ඇමරිකා රජය නිකුත් කළ දත්තයන්හි සඳහන් වේ. ඔවුන් අතරින් අවම වශයෙන් වෙනිසියුලානු ජාතිකයන් 245 ක් හා සැල්ව‍දෝර ජාතිකයන් 30 ක් පමණ රැගෙන ගිය ස්ථාන නොදන්නා බව එම දත්ත මගින් හෙළි වේ. ‍බොහෝ සංක්‍රමණිකයන් ඇමරිකාව විසින් පිටුවහල් කිරීමේදී “අපරාධකරුවන්”හෝ ”ත්‍රස්තවාදීන්”වශයෙන් ලේබල් කර ඇති බැවින් ඔවුන් හා ඔවුන්ගේ පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටිති. ඇතැම් සංක්‍රමණිකයන් ප්‍රචණ්ඩකාරීත්වයට හා සිරගතවීම් වලට පවා ලක්වීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් Volker Türk‌ මහතා 13 වැනිදා කියා සිටියේ ය. සංක්‍රමණිකයන්ගේ මූලික මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. නිසි පියවර ගනිමින් සංක්‍රමණිකයන්ගේ මූලික මානව හිමිකම් සුරකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඇමරිකා රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *