ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය නිසා ගාසාව අමතක වෙලා

” ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය නිසා මිනිස්සුන්ට අපිව අමතක වෙලා. අපිට කෑම සහ වතුර නැහැ. හැමදාම මිනිස්සු කෑම සහ ආධාර ගන්න යනවා. ඒත් අන්තිමට ඒ මිනිස්සුන්ගේ මළසිරුරු බෑග් වල දාගෙන යනවා.” යනුවෙන් ගාසාවේ පදිංචිකරුවකු වන මොහොමඩ්, CNN මාධ්‍ය වෙත පවසා තිබෙනවා.


ඊයේ (16) ගාසා තීරයේ දී පලස්තීන ජාතිකයන් 56 දෙනෙක් මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයින්ගෙන් 38 දෙනෙකු දකුණේ රෆාහ් ප්‍රදේශයේ දී ආහාර බෙදාහැරීමේ ස්ථාන වලට ගිය පුද්ගලයින් වේ.


මාස තුනකට ආසන්න කාලයක සිට ආහාර, ඖෂධ , අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමට පැවති අවහිරතා ඉවත් කිරීමෙන් පසු පසු GHF සංවිධානය ගාසාවේ ආහාර ආධාර ටිකෙන් ටික බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා.
එම බෙදා දීම් අතරතුර මෙම ප්‍රහාර වැඩි වශයෙන් එල්ල වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

-source CNN –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *