ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක හඳුනා ගනිමින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම සදහා නව ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයෙහි සමස්ත තත්වය නිවැරදිව පිළිබිබු නොවීමත් පවතින දත්ත ප්‍රමාණවත් හා නිර්වද්‍ය නොවීමත් නිසා මෙම තීරණය ගෙන ඇත.
“ශ්‍රී ලංකාවට සුදුසු ආහාර සුරක්ෂිතතා දර්ශකයක් හඳුනා ගැනීම හා උපායමාර්ග සැලැස්මක් සම්පාදනය කිරීම” යන අරමුණෙන් මෙම වැඩමුළුව කොළඹ සිටි සෙන්ටර්හිදී අද (17) පෙරවරුවේ පැවැත්වුනා.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ සහයෝගිතාවයෙන් ආහාර සුරක්ෂිතතා විද්වත් කමිටුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා.
ආහාර සුරක්ෂිතතාවෙහි මූලික සංරචක වන, සුලභතාව, ප්‍රවේශය, භාවිතය හා ස්ථාවරය යන අංශ ඔස්සේ ආහාර සුරක්ෂිතතාවෙහි දිශානතිය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුවේදී අවධානය යොමු කර තිබෙනවා.