මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහා නගර සභා 28 න් 23 ක බලය අත්පත් කර ගැනීමට
ජාතික ජන බලවේගය සමත් විය.
වසර 71කට පසු වාමවාදී මතවාදයක් දරණ දේශපාලන පක්ෂයකට
කොළඹ මහ නගර සභාවේ බලය මාරු වීම මෙහි විශේෂත්වයයි.
ජාතික ජන බලවේගය ලබා ගත් ජන්ද සංඛ්‍යාව 81814 වන අතර එය ජන්ද ප්‍රතිශතයෙන් 36.92% කී.
සභිකයින් 48 දෙනෙකු තේරීපත්විය.
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ගණන 119ක් වන අතර
දෙවෙනි තැනට පත්වූ සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 29ක්
හිමිකරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය හිමිකර ගත්තේ මන්ත්‍රී ආසන 19කී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 05, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 04,
ස්වාධීන කණ්ඩායම් (3) මන්ත්‍රී ආසන 03 ක් සහ සර්වජන බලය මන්ත්‍රී ආසන 02ක්
ලබා ගැනිණ .
සමගි ජන බල වේගයට කිසිදු මහ නගර සභාවක් දිනාගැනීමට නොහැකි වුවත්
කින්නියා නගර සභාවේ බලය ලබා ගැනීමට හැකි විය.
යාපනය සහ ත්‍රිකුණාමලය මහ නගර සභා හි බලය තහවුරු කර ගත්තේ
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයී.
වවුනියාව මහා නගර සභාවේ බලය හිමි වුයේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමල ජාතික සන්ධානයටයි.
හපුතලේ නගර සභාවේ බලය ස්වාධින කණ්ඩායමක් විසින් දිනා ගත් අතර,
මුස්ලිම් කොංග්‍රසය කාර්තන්කුඩ් සහ එරාවුර් නගර සභා හී බලය හිමිකර ගන්නා ලදී.
1947දී ආරම්භකරන ලද කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය
අකණ්ඩව පවත්වාගෙන යනු ලැබිණි. 1954දී සමසමාජ පක්ෂය මෙහි බලය ලබාගත් අතර
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කොළඹ පුරපති පදවියට පත් විය.
2006දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම හේතුවෙන්
එජාප සහාය ලද, කන්නාඩිය ලකුණ නියෝජනය කරන කණ්ඩායම ජයග්‍රහණය කර
කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගත්තේය.
ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස වැනි නායකයන් සිය දේශපාලන ගමන ආරම්භ කරන
ලද්දේද, කොළඹ මහ නගර සභාවෙනි