නිකිනි පොහොය දිනය අදයි. බුදු රජාණන්වහන්සේගෙ පිරිනිවන් මන්ගල්‍යයෙන් තෙමසකට පසු ශාසන චිරස්ත්තිය සහ උන්වහන්සෙ ගෙ ධර්මය අඛන්ඩව ඉදිරියට පවත්වාගනයාම සදහා පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ අද වැනි දිනයක බව ශාසන ඉතිහාසයෙ සදහන්.
අද දිවයින පුරා වෙහෙර විහාරස්තාන වල දාන ශීල භාවනා වැඩසටහන්වට බැතිමතුන් සහබාගි වෙමින් සිටිනු දකනට ලැබෙනවා.අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා ප්‍රතම දර්ම සන්ගායනාවට එක්වුනා. රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි .ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවු අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද බවයි සාශන ඉති හාසයෙ සදහන් වන්නෙ .
බුදුරදුන්වහන්සෙගෙ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොය දිනයෙදි සිදුවිය. මහනුවර ස්‍රි දලදා පෙරහර මෙන්ම සේරුවාවිල පෙරහර ද නිකිණි පොහොයත් සමඟ අවසන් වෙ.