යුරෝපා මාස්ටර් මලළ ක්‍රීඩා තරඟාවලියේ ජයග්‍රාහකයින් දිවයිනට

රටවල් 44 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වු යුරෝපා මාස්ටර් මලළ ක්‍රීඩා තරඟාවලියේ වයස අවුරුදු පනහ හැට කාණ්ඩයේ මීටර් 100X 4 රන් පදක්කම ශ්‍රීලංකාව දිනාගත්තා.

තුම්පිම්ම පැනීම ලෝකඩ පදක්කම සහ හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද හැකි විය.

ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ගම්පහ දිසා අධිකරණයට අනුයුක්තව සේවය කරන කේ.පී.නාලක සමන්තසිරි මහතා විසින්ය.

මීටර් 300 කඩුළු පැනීම තරඟයෙන් රිදී පදක්කම, මීටර් 80 කඩුළු පැනීමෙන් රන් පදක්කම, හෙල්ල විසී කිරීමෙන් රිදී පදක්කම දිනා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා සැරයන් ප්‍රියදර්ශනී මන්ත්‍රීරත්න මහත්මිය සමත් විය.

යුරෝපා මාස්ටර් මලළ ක්‍රීඩා තරඟාවලිය ඇල්බේනියාවේ මැයි 13 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වුණා.

ජයග්‍රහණය කළ ක්‍රිඩක ක්‍රීඩකාවන් අද (21) පෙරවරුවේ මෙරටට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *