චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව පැවැත්වේ.
චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, ඇමරිකා පාර්ශ්වයේ ප්‍රධානී, භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා හා වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙදින(28,29) තුළ එම සාකච්ඡාව ස්වීඩනයේ Stockholm අගනගරයේ දී පැවැත්විණ.
චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, සාර්ව ප්‍රතිපත්ති ඇතුළු පොදු අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය ගැඹුරු මෙන්ම අර්ථවත් සංවාද පැවැත්වූහ. එහිදී එළඹුණු එකඟතාවන්ට අනුව දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රති පියවර තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කරනු ඇත.
දෙරටේ නායකයන් පසුගිය ජූනි මස 05 වනදා දුරකථන සංවාද ඔස්සේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව දෙපාර්ශ්වය එකිනෙකාගේ අවශ්‍යතාවන්ට ගරු කරමින් අන්‍යෝන්‍ය විශ්වාස ගැඹුරු කළ යුතු බව He Lifeng මහතා එහිදී පැවසීය. ස්ථාවර, විධිමත් මෙන්ම තිරසර චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, එකිනෙකාගේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීමට පමණක් නොව ලෝක ආර්ථික සංවර්ධනය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වේ.
ඉදිරියේ දී චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය මනා ලෙස යොදා ගනිමින්, එකඟතාවන් ප්‍රවර්ධනය කිරීමටත් වැරදි අවබෝධයන් අවම කිරීමටත් සහයෝගිතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද He Lifeng මහතා එහිදී අවධාරණය කළේය.
ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ අදාල භේද විසඳා ගෙන වඩාත් වැඩි ප්‍රතිඵල අත්පත් කර ගනිමින් දෙරටේ ආර්ථක හා වෙළඳ සබඳතාව තහවුරු කිරීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව ඇමරිකා පාර්ශ්වය එහිදී කියා සිටියේය.
-CGTN Sinhala