තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපතිවරයාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක, සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහායද ජනාධිපතිවරයා මෙහිදී අගය කළා.
ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට බොහෝ දේ ඉගෙන ගත හැකි බවත්, එම අත්දැකීම් සාර්ථකව බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතයි.
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි
