අලි මිනිස් ගැටුම ඵලදායී ලෙස විසඳන්න පුළුවන්ද? බැරිද?

අලි මිනිස් ගැටුම ඵලදායී ලෙස විසඳීමින් ප්‍රජාව සහ වනජීවීන් ආරක්ෂා කිරීමට රටපුරා සමාන ක්‍රියාකාරී සැලසුම් සකස්කර තිබෙනවා.
අනුරාධපුර කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික් වල එහි නියමමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ව්‍යාපෘතිය පිළිබඳ වන ජීවි නිලධාරීන් දැනුවත් කිරීමේ සමුළුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. ඒ. පරිසර නියෝජ්‍ය අමාත්‍යය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.
අලි මිනිස් ගැටුම කළමනාකරණ වෙනුවෙන් සැලසුම් සකස් කීරීමේදී පරිසරවේදීන් සහ විද්වතුන්ගේ දායකත්වය හිමිව තිබෙනවා.
වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට අස්ගිරි, මලුවතු මහනායක හිමිවරුන්ගේ ප්‍රසාදය හමිව තිබීම විශේෂත්වයක්.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඊයේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක බැහැදැක පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කළා.
නව රජයේ පරිසර අමාත්‍යංශය ලෙස ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සහ ව්‍යාපෘතින් කිහිපයක් සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගේ අවධානයට යොමු කර තිබෙනවා.
විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමට හේතු සාධක මෙන්ම එයට ගෙන තිබෙන කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් මෙහීදී අවධානය යොමු වුනා.
මහානායක හිමිවරුන් විසින් වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළකළ අතර පරිසර සමතුලිතතාව බිඳවැටෙන ගැටලු සදහා විසඳුම් සෙවිමේදි සාධනීය ප්‍රවේශයන්වල වැදගත්කම පෙන්වා දුන්නා.
එමෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා ද හමුවී පෙරහැරට යොදවන අලි ඇතුන් සහ පාරිසරික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *