හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.

පසුගිය දා කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *