කටාර් රාජ්‍යය තුළ හමාස් ඉලක්ක කර ගැනීමට ගත් තීරණය ඥානවන්ත නොවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අඟහරුවාදා දිනයේ මෙම දුරකථන ඇමතුම ලබාදී ඇති අතර කටාර්හි හමාස් නියෝජිතයින්ට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය නිසා තමන් දැඩි කලකිරීමට ලක්වූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
කටාර් අගනුවර වන දෝහා හි පලස්තීන කණ්ඩායමේ දේශපාලන නායකයින් ඉලක්ක කර ගැනීමේ තීරණය ඥානවන්ත නොවන බවයි ට්‍රම්ප් අවදාරණය කර ඇත්තේ.