9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද(19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ විය.
ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.
එම ප්‍රදර්ශනය මෙම වසරේ පැවැත්වෙන චීනය හා දකුණු ආසියානු රටවල් අතර වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ලෙස සැලකේ.
උසස් නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය සහ නවීන කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශ ඉස්මතු කරන තේමා ශාලා 11 කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ.
මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් 100 ක් පමණ මෙවර සහභාගී වී සිටීම විශේෂත්වයකි. මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රැසක් ඒ අතර තිබේ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළඳ අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයෝ රැසක් මේ සඳහා එක් ව සිටිති.
-CGTN Sinhala