සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ජය ඕස්ට්‍රේයාව හිමි කර ගත්තා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 431ක දැවැන්ත ලකුණු පුවරුවක් ලබා ගැනීමට සමත් වුනා.
පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන්ට අවස්තාව හිමි වුණා.
ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 276ක ජයක් හිමිවුණු අතර
ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ඉලක්කය සදහා මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ශතක රැස්කිරීම ද විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් සමග නායක මිෂෙල් මාෂ් ඉනිම ඇරඹූ අතර එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 250ක ඉහළ සබඳතාවක් ඔවුන් දෙදෙනා ලබා ගැනීම්ට සමත් වුණා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 142ක් සහ නායක මිෂෙල් මාෂ් ලකුණු 100ක් ලබාගත් අතර දෙදෙනාගේම ඉනිමට හයේ පහරවල් 5ක් ඇතුලත් වුනා.