තායි – කාම්බෝජ සටන් විරාමයකට එලබුනත්, ගැටුම් තවමත්

ඊයෙ මධ්‍යම රාත්‍රියේ සිට කොන්දේසි විරහිත සටන් විරාමයක්  ක්‍රියාත්මක කිරිමට තායිලන්තය සහ කම්බෝජය එකගවි තිබේ.

මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්ගේ නායකත්වයෙන් මැලේසියාවේ පුත්‍රජයා හි පැවති සාකච්ඡා අතරතුර මෙම ගිවිසුමට එළඹුණු අතර, එක්සත් ජනපදය, චීනය සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ඇතිව සිදුකල  තර්ජනාත්මක වෙළඳ සම්බාධක   මෙම එකගතාවන්ට බෙහෙවින් හෙතුවු බව විදෙශ මාධ්‍ය වර්තා කර තිබුනා.

නමුත් සටන් විරාමය නොතකා,  තවදුරටත් ප්‍රාශීය ගැටුම් වාර්තා වූ අතර,ගැටුම් සමතයකට පත්වුබවක් දක්නට නොලබුන බවයි වාර්තාවන්නේ.

කාම්බෝජය ජාත්‍යන්තර අධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටින අතර, තායිලන්තය එවැනි  සහභාගීත්වයෙන් තොරව ද්විපාර්ශ්වික විසඳුමට කැමැත්තක් දක්වයි.

මෙ අතර  මානුෂීය සහ සහන සේවා කටයුතු  පිලිබදවද ගැටලු මතුව  තිබෙ .තායිලන්තයේ සුරින් පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කූඩාරම් පිහිටුවා, දේශසීමාවේ දෙපසම අවතැන් වූ පවුල්වලට සහාය වෙමින් සිටින බව විදෙශ්මාධ්‍ය වර්තා කරයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *