මෙම ජනවාරි මස 1 වැනිදා සිට මාස 8 කට ආසන්න කාලය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ තොරතුරු උපුටා දක්වමින් අද ‘channel 7 නාලිකාවේ WAKE UP TO 7’ වැඩසටහනේ දී අනාවරණය කළා.
අත්අඩංගුවට පත්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 22 ත් 60 ත් අතර විවාහක කාන්තාවන් වන අතර ඉතා සුළු පිරිසක් අවිවාහක තරුණියෝ ඒ අතර සිටින බවයි එහිදී සඳහන් කළේ.
එම අවිවාහක තරුණියන්ගේ මවුපියන් බොහෝදුරට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ හෝ ජාවාරමේ නිරතවන බවත් ඔවුන්ගේ ජාවාරමට සහායදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී එම තරුණියන් අත්අඩංගුවට ගෙන ඇති බව ත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ලංකාදීප පුවත්පත අද වාර්තා කර තිබුණා.