රජයේ දූෂණ විරෝධී වැඩපිළිවල නිරීක්ෂණය කිරීමට ජනතාවට අවස්තාවක්

රජයේ දූෂණ විරෝධී වැඩපිළිවල නිරීක්ෂණය කිරීම ට මහජන සහබාගිත්ව නිරීක්ෂණය කිරීමේ නව යාන්තනයක් හදුන්වාදෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) එකගතාවන්ට අනුව ක්‍රියාත්මක රජයේ දුෂණ විරෝදී වැඩපිළිවලට අනුව මෙම ස්වාධීන මාර්ගගත වේදිකාව (ට්‍රැකර් ) හදුන්වාදී ඇත. .ශ්‍රී ලංකාවේ ට්‍රාන්පෙරන්සි ආයතනය මෙය ක්‍රියාවට නගයි . මෙම මුලපිරීම මහජන වගවීම වැඩි දියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම අරමුණු කරයි.

මෙම මෙවලම (GAP Tracker )සැපයීමෙන්, සිවිල් සමාජයට, මාධ්‍යවේදීන්ට සහ පුරවැසියන්ට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට බලය ලබා දෙන අතර, ඒ කෙරෙහි ඇති කැපවීමේ වැදගත්කම සහතික කරයි. GAP ට්‍රැකර් මාර්ගගතව ප්‍රවේශ විය හැකි අතර එහි ප්‍රගත්ය වරින් වර යාවත්කාලීන කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක්ම නොව එය රාජ්‍යකරණ පද්ධතියේම අසාර්ථකත්වය, දේශපාලන අනුග්‍රහය සහ දුර්වල පාලන ක්‍රියාවලියේම ප්‍රතිඵලයකි. ජාත්‍යන්තර අරමුදල් සපයන්නන් විසින් ඉදිරිපත් කර ඇති වත්මන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, රාජ්‍ය ආයතන යලි
ගොඩනැගීමට, මහජන වගවීම ප්‍රවර්දනය කිරීමට සහ මහජන විශ්වාසය ගොඩ නගා ගැනීමට මහඟු අවස්ථාවක් උදාකර ඇත. නමුත් ස්වාධීන මහජන
අධීක්ෂණයකින් තොරව, එම අවස්ථාව අපතේ යාමේ අවදානමක් ඇත. සැලසුම් වලට පමණක් සීමා වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණ අර්ථ විරහිත වේ. ප්‍රතිසංස්කරණ
ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය නොමැතිවීම හරහා සංකේතාත්මක අනුකූලතා,ප්‍රතිපත්ති විකෘති කිරීම් සහ වගවීම විරහිත වීම වැනි අහිතකර බලපෑම්
ඇති වේ. මෙම GAP ට්‍රැකර් හරහා අධීක්ෂණ බලය මහජනතාව අතට පත් කරයි. එය සිවිල් සමාජයට, මාධ්‍යවේදීන්ට සහ පුරවැසියන්ට ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අධීක්ෂණය කිරීමට සහ සත්‍යය දැනගැනීමට බලය ලබා දෙයි – අර්ථවත් ලෙස පාලන ක්‍රියාවලියේම වෙනසක් සිදුවිය හැක්කේ බලය වගවීමට ලක්කිරීමේ හැකියාව ඇතිවිට විට පමනක් බව ට්‍රාන්පෙරන්සි ආයතනය නිකුත්කළ නිවේදනයේ සදහන් වේ . .
GAP Tracker වෙත ප්‍රවේශ වීම සඳහා සබැඳිය:
https://www.tisrilanka.org/government-action-plan-tracker/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *