නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිදු දරුවෙකු අසමත් නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ශාස්ත්‍රීය සහ වෘත්තීය යන අංශ දෙකෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට අවස්ථාව ලැබෙන බවයි ඇය පවසන්නේ.
ඇය ඒ බව පැවසුවේ යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුව අමතමින්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ උතුරු පළාත් බලධාරීන් දැනුවත් කිරීම් අතරතුර අග්‍රාමාත්‍යවරිය නල්ලුර් කන්දස්වාමී කෝවිල, යාපනය ශ්‍රී නාගවිහාරය සහ යාපනය පුස්තකාලයට ද පැමිණියා.
වාර්ෂික මංගල්‍ය පැවැත්වෙන වකවානුවක යාපනය නල්ලූර් කොවිලට පැමිණ ආශිර්වාද ලබා ගැනීමට ලැබීම භාග්‍යයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියේ.
එසේම යාපනය නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාය වෙත පැමිණ අගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව, විහාරධිපති පූජ්‍ය ශ්‍රාස්ත්‍රවේදී මීගහජඳුරේ සිරිවිමල නායක හිමියන් බැහැ දැක, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට අග්‍රාමාත්‍යවරිය කටයුතු කළා.
ජාතික සමඟිය සඳහා භාෂාව ඉතා වැදගත් බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් දෙවන බස පළමු වසරේ සිට ප්‍රායෝගික විෂයක් ලෙස ඇතුළත් කර ඇති බවත් ඇය එහිදී පැවසුවා.
අනතුරුව යාපනය පුස්තකාලයේ නිරීක්ෂණයක යෙදෙමින් එහි පැමිණ සිටි දරුවන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුනා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිදු දරුවෙකු අසමත් නොවන බව ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
