රේල්වේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට සඳහා නව නිවාස ව්‍යාපෘතියක් ස්ථාපනය කෙරේ.

නවීන පහසුකම් වලින් සමන්විත නිවාස 120කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය කොට්ටාව මාලපල්ල ඉදි කර තිබෙනවා.

මෙය මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වනව.

දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම් වල පදිංචිකරුවන්ට මීට පෙර ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කර ඇති අතර කොට්ටාව මාලපල්ල නිවාස ව්‍යාපෘතිය හතරවන ව්‍යාපෘතිය වේ.

නාවින්න සිට පාදුක්ක දක්වා දුම්රිය ඉඩම් වල රැදී සිටි පදිංචිකරුවන්ට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිවන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඊයේ නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ලක් කෙරිණි.

කඩිනමින් නිවාස ව්‍යාපෘතියේ නිවාස ජනතාවට ලබා දෙන ලෙස නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.

දැනට බොහෝ වැඩ අවසන් වී ඇති මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන මෙන් අමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *