නුසුදුසු ආහාර රටාව නිසා ජනතාව බරපතල අවධානමක – සෞඛ්‍ය අමාත්‍යංශය –

නුසුදුසු ආහාර රටාවන් නිසා ශ්‍රී ලංකාවේ සියලුම වයස් ඛාන්ඩයන්හි පුද්ගලයන්ගේ ජීවිත බරපතල අවධානමකට මුහුනදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දීපව්‍යප්තව ක්‍රියාත්මක කෙරේ. පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ කරුනු අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය 2025 ජූනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස නම්කර ඇත. “එළවලු පළතුරු  සුවදෙයි නිරතුරු”  පෝෂණ මාසයේ තේමාවයි.  කෙටි ආහාර සහ ක්ෂණික ආහාර වලින් බාල පරපුර බේරාගැනීම එහි අරමුණයි.  සමස්ථ ජනතාවම එළවලු පළතුරු සහ පෝෂ්‍යදායී ආහාර වෙත යොමුකිරීම කෙරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *