ප්‍රදේශ කිහිපයකට තද වැසි

මහනුවර, ගාල්ල, නුවරඑළිය, සබරගමු සහ වයඹ පළාත් වලත්, මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට තද වැසි ඇති විය හැකියි.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වෙයි.


තද වැසි සහ අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *