රුසියාව නවීනතම අවි පද්ධති ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඊයේ(11) ජාතික හමුදා උපකරණ පිළිබඳ රැස්වීමක දී හෙතෙම මේ බව පැවසීය. ආයුධ සංචිතය ප්‍රමාණවත් විය යුතු බව ද ඔහු පවසා ඇත.
2027-2036 රුසියානු නව අවි සැලැස්ම සැකසීම එම රැස්වීමේදී නිල වශයෙන් ආරම්භ විය. ඉදිරි දශකය තුළ රුසියාව හමුදා පද්ධතියේ සංවර්ධනය සඳහා මෙම සැලැස්ම උපයෝගී කර ගනු ඇත.නව ජාතික අවි සැලැස්මෙන් “න්‍යෂ්ටික බලය” කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව Putin මහතා එහිදී සඳහන් කළේ ය. රුසියානු අභ්‍යවකාශ හමුදාවන් සඳහා ආයුධ පර්යේෂණය කිරීම, ප්‍රසම්පාදනය, නවීකරණයෙන් දියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක් ලබා දිය යුතු බව ද හෙතෙම පැවසීය. -CGTN Sinhala