චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම ලන්ඩන්හිදී

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම ප්‍රාදේශීය වේලාවෙන් ජුනි 9 වැනිදා සිට 10 වැනිදා දක්වා ලන්ඩන්හිදී පැවැත්විණ. චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි, උප අගමැති He Lifeng මහතා සහ ඇමරිකානු පාර්ශ්වයේ ප්‍රධානි, එරට භාණ්ඩාගාර ලේකම් Scott Bessent, වාණිජ ලේකම් Howard Lutnick සහ වෙළඳ නියෝජිත Jamieson Greer යන මහත්වරු එම රැස්වීමට එක්වූහ. දෙපාර්ශ්වය අවංක හා ගැඹුරු සංවාදයක් පැවැත්වූ අතර, අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින්, ජුනි 5 වනදා රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සහ ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රතිඵල තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ. දෙපාර්ශ්වයේ ආර්ථික හා වෙළඳ ගැටලු විසඳීමේදී රැස්වීමෙන් නව ප්‍රගතියක් ලබා ගැනිණ.

චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවල හරය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණය බව චීන ප්‍රධානියා එහිදී පැවසීය. වෙළඳ යුද්ධයකින් ජයග්‍රාහකයෙකු බිහි නොවේ. චීනය සටන් කිරීමට කැමැත්තක් නොමැති නමුත් සටන් කිරීමට බිය ද නැත. දෙපාර්ශ්වයම සමාන සංවාදයකින් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයකින් ආර්ථික හා වෙළඳ වෙනස්කම් විසඳා ගත යුතුය. ආර්ථික හා වෙළඳ සාකච්ඡාවලදී චීනය අවංක හා ප්‍රතිපත්තිගරුක ආකල්පයක සිටියි. ඊළඟ පියවර වශයෙන්, දෙපාර්ශ්වය දුරකථන සංවාද අතරතුර රාජ්‍ය නායකයින් දෙදෙනා ඇති කරගත් වැදගත් එකඟතාවය සහ අවශ්‍යතාවලට අනුකූලව දෙරටේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ කාර්යභාරය තවදුරටත් ඉටු කළ යුතුය. එසේම අඛණ්ඩව පොදු අදහස් රැස් කරමින්, වැරදි අවබෝධය අවම කරමින් සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද චීන පාර්ශ්වය එහිදී අදහස් පළ කළේය.

දෙපාර්ශ්වය එකිනෙකා දෙසට ගමන් කරමින් සිය පොරොන්දු ඉටු කළ යුතු ය. සන්නිවේදනය සහ සංවාදය පවත්වා ගත යුතු අතර චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත්, ලෝක ආර්ථිකයට වඩාත් නිශ්චිතභාවයක් සහ ස්ථාවරත්වයක් එකතු කළ යුතු බවත් එම රැස්වීමේදී චීනය නැවත අවධාරණය කර ඇත.

මෙම රැස්වීම ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා තවදුරටත් ස්ථාවර කර ඇති බවත් ඇමරිකානු පාර්ශ්වය ප්‍රකාශ කළේය. රාජ්‍ය නායකයින් දෙදෙනාගේ දුරකථන සංවාදයේ ජීවගුණයට අනුව මෙම රැස්වීමේ එකඟතාවය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *