වව්නියා දිස්ත්‍රිකයට නව ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකෙරේ. එය පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගනයක්, 400m ධාවන පථයකින් යුක්තයි.
ජනතා අයිතියට පත් කිරීම ඊයේ (12) ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අතින් සිදු කෙරිණි.
ජනතාවගේ යහපත් සෞඛ්‍යය, මානව හැදියාවන්, සාමූහිකත්වය වැනි ගුණාංග වර්ධනයට ක්‍රීඩාව බලපාන බව එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ක්‍රීඩාව අතින් රටට කීර්තියක් ගෙන ඒමට මං පෙත් විවර කිරීම රජයේ වගකීමයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා දිරිගැන්වීම පුහුණුකරුවන් හා ගුරුවරුන් සතු වගකීමක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියා