රෝගීන් බැලීමට ඉන්දීය අගමැති අහමදාබාද් වෙත

අගමැති නරේන්ද්‍රමෝදී අහමදාබාද් වෙත පැමිණියා.ඒ මාරාන්තික බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් අනතුරින් 241 දෙනෙකු මියගොස් දිනකට පසුවයි. එහිදී නගරයේ සිවිල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයද හමුවුණා.

අනතුරට හේතුව තවමත් පැහැදිලි නැත.මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යය අමිත් ෂා වින්දිතයින් 241 දෙනාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ඩීඑන්ඒ පරීක්ෂණ සිදු කරන බව ප්‍රකාශ කළා. ගුවන් සේවා හිමිකාරීත්වය හිමි ටාටා සමූහය වින්දිතයින්ගේ ඥාතීන්ට එක් එක් අයට රුපියල් කෝටි එකක වන්දියක් ප්‍රකාශ කළා.

මොන්ට්‍රියල් සම්මුති ගිවිසුමට අනුව එයාර් ඉන්දියා සමාගමට රුපියල් කෝටි 1.5ක වන්දියක් ගෙවීමට සිදුවනු ඇති.ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තා. අනතුරින් මියගිය අය අතර 68 හැවිරිදි ගුජරාට් හිටපු මහ ඇමති විජය රූපානි සිටිනවා. ගුවන් අනතුරින් මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතකයින් පනස් තුන් දෙනකු, පෘතුගීසි ජාතිකයින් හත් දෙනකු හා කැනේඩියානු ජාතිකයෙක් සිටිනවා.

ගුවන් යානය වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලට කඩා වැටී ඇති අතර එයින් වෛද්‍ය සිසුන් හතර දෙනකු හා අවම ලෙස පුද්ගලයින් විසි හතරක් බිම වැටී මියගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *