ඊශ්‍රායලය සහ ඉරානය අතර යුධමය තත්වය අතර පසුගිය පැය 48 තුළ, රටවල් දෙකම සෘජු මිලිටරි ප්‍රහාරවල නිරත වී ඇති අතර, එය පුළුල් කලාපීය ගැටුමක් පිළිබඳ බිය මතු කරඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර මූලාශ්‍රවලට අනුව, ඊශ්‍රායලය මෙම සතිය මුලදී ඉරාන හමුදා සහ න්‍යෂ්ටික ස්ථාන වෙත ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඊට පළිගැනීමක් ලෙස, ඉරානය ටෙල් අවිව් සහ ජෙරුසලම ඇතුළු ප්‍රධාන ඊශ්‍රායල නගර ඉලක්ක කරගත් මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් දියත් කර තිබුනා .
නිල සංඛ්‍යා තවමත් තහවුරුකර නැතත් , දෙපාර්ශ්වයේම ජීවිත හානි සහ තුවාල සිදුවිම් පිලිබද වාර්තා වී තිබෙනවා . එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව, ගටුම්කාර තත්වයෙන් වහාම ඉවත්වන ලෙස ඉල්ලා සිටින අතර දෙරටටම රාජ්‍ය තාන්ත්‍රික ව ප්‍රශ්න විශඩා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. .
පූර්වාරක්ෂාවක් ලෙස, බොහෝ රටවල් ඊශ්‍රායලය, ඉරානය, ඉරාකය, සිරියාව සහ ජෝර්දානය යන රටවල බලපෑමට ලක් වූ ගුවන් අවකාශයන් හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර තෙල් වෙළඳපොළවල් වැඩි අස්ථාවරත්වයකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
සංයමයෙන් කටයුතු නොකළහොත් ගැටුම අනෙකුත් කලාපීය බලවතුන් ගෙ මදිහත්විමක් දක්වා පැතිර යා හැකි බවත්, මැද පෙරදිග දැනට ස්ථාවරත්වයට බාධා කළ හැකි බවත් නිරීක්ෂකයින් අනතුරු අඟවා සිටිනවා .