ඉතිහාසය සහ සම්ප්‍රදාය රැකගත් පිරිවෙන් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
එම කාර්යය ස්වාමීන් වහන්සේලාට මැනවින් ඉටුකිරීමට පිරිවෙන් අධ්‍යාපනය ගොඩනැගිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.
අග්‍රාමාත්‍යතුන්ගේ මේ බව කියා සිටියේ නවක පරිවේණාචාර්‍ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයට සහබාගි වෙමින්.
පරිවේණාචාර්‍ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙහිදී පරිවේනාචාර්යවරුන් 273 සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කෙරුණා.
අද දවසේ බුද්ධාගම තුළ ස්වාමීන් වහන්සේට විශේෂ කාර්යභාරයක් පැවරිලා තිබෙනවා.
සාම්ප්‍රදායානුකූලව චාරිත්‍රානුකූලව කරගෙන ආපු ඒ වැඩ කොටස ඒ විශාල සේවය වගේම අද අපි මේ ලෝකයටම විවෘත වෙලා තියෙනවා.
බුදු දහමේ ඉගැන්වීම් දර්ශනය හා එහි අන්තර්ගතය පිළිබඳව ලෝකයම අවධානයෙන් ඉන්නේ. එබැවින් ස්වාමීන් වහන්සේලා ලෝකය සමග සම්බන්ධ විය යුතුයි.
ලෝකය තුළ අද සිදුවන වෙනස්වීම් හා සමාජ ආර්ථික තත්ත්වයන් තුළ බුදු දහමේ කාර්යභාරය එදාටත් වඩා සුවිශේෂී සහ අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.