ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමුවක්


ලංකා වාණිජ මණ්ඩලය හා ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා -බංග්ලාදේශ ඉහළ පෙළේ ව්‍යාපාරික හමුවක් ඊයේ කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා.
මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමයි.

මෙයට බංගලාදේශයේ ඉහළ සමාගම් 22 ක ආයෝජකයන් පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් 100ක් පමණ එක්ව සිටියා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ සුනිල් හඳුන්නෙත්ති මහතායි.
මෙහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කරනු ලැබුවා. මේ අවස්ථාවට බංගලාදේශ මහ කොමසාරිස් , ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සහභාගි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *