ගාසා තීරයේ මානුෂීය අර්බුදය තවත් උග්‍ර වී ඇති අතර, ආහාර ආධාර බලාපොරොත්තුවෙන් සිටියදී ඛාන් යුනිස් අසල සිවිල් වැසියන් 59 දෙනෙකු ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාරවලින් මිය ගොස් ඇත. මෙවනි ප්‍රහාර දිගින් දිගටම සිදුවන බව සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කරන අතර සිවිල් මරණ වැඩි වෙමින් පවතී.
රෝහල් 36 න් අර්ධ වශයෙන් හො ක්‍රියාත්මක වන්නෙ 17 ක් පමණක් අතර ආහාර, ඖෂධ සහ පිරිසිදු ජලයේ දැඩි හිඟය සාගතයට සමාන තත්වයන්ට හේතු වී තිබේ.ගාසා තීරය තුළ හමාස් සංවිධානයට එරෙහිව විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර, අත්අඩංගුවට ගැනීම් සහ මර්දනයන් පිළිබඳ වාර්තා තිබේ. මේ අතර, ජාත්‍යන්තර සාම උත්සාහයන් ප්‍රමාද වන අතර ආධාර රථ වලට දැඩි සීමාවන්ට මුහුණ ඩිමට සිදුවිතිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරයි.
ගාසා තීරයෙ ආහාර ඉල්ලා පැමිනි 59 ක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
