2004 වසරේ සුනාමි ව්‍යසනයේදීත් කොවිඩ් 19 වසංගතයේදීත් අපට RIMES (කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ) හරහා ගත්ත දත්ත ඉතාමත් ප්‍රයෝජනවත් වුණු බව අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.
අග්‍රාමාත්‍යයතුමිය මෙලෙස පවසා තිබුනේ මැයි 08 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ, පැවති අප්‍රිකා සහ ආසියාතික රටවල් සඳහා වන කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) සිව්වැනි අමාත්‍ය සමුළුවට සහභාගි වෙමින්.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, තානාපතිවරුන්, RIMES සාමාජික රටවල නියෝජිතයින්, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගි වී සිටියා.