ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් ට දඬුවම් ලකුණක්

ඉන්දියාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් හට දඬුවම් ලකුණක් ලබා දී තිබෙනවා.


ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලය සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය පාන්ට් උල්ලංඝනය කර ඇති බවයි ICCය විසින් සදහන් කර ඇත්තේ.


එය “ජාත්‍යන්තර තරඟයක් අතරතුර විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම” සම්බන්ධයෙන් වේ.


මෙම සිදුවීම සිදුවී ඇත්තේ එංගලන්ත පළමු ඉනිමේ 61 වන ඕවරයේදී බෙන් ස්ටෝක්ස් සහ හැරී බෲක් කඩුල්ලේ රැදී සිටියදී පාන්ට් පන්දුවේ තත්ත්වය පිළිබඳව විනිසුරුවන් සමඟ සාකච්ඡාවක යෙදුනු අවස්තාවේදීයි.


බෝල මාපකය සමඟ පන්දුව පරීක්ෂා කිරීමෙන් පසු විනිසුරුවරුන් පන්දුව වෙනස් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


එවිට කඩුලු රකින්නා වූ රිෂාබ් විනිසුරුවරුන් ඉදිරිපිට පන්දුව බිමට විසි කිරීමෙන් ඔහුගේ විරුද්ධත්වය පෙන්නුම් කිරීමට කටයුතු කලා.


පිටියේ විනිසුරුවරුන් වූ ක්‍රිස් ගැෆනි සහ පෝල් රීෆල් විසින් චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව පාන්ට් විසින් වරද පිළිගෙන තරඟ තීරක රිචී රිචඩ්සන් විසින් පනවන ලද දඬුවම පිළිගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *