පොළොන්නරුව, වැලිකන්ද උණු දිය උල්පත් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ එම ප්‍රදේශයේදී පැවැත්වුණා.
මෙම උණු දිය උල්පත් සංවර්ධනය කර නොතිබීම නිසා සංචාරකයන් එහි සංචාරය කිරීමට උනන්දුව අඩුකමක් දක්වා ඇත.
මෙහිදී අවධාරණය කෙරුණු කරුණු වූයේ උණු දිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, සංචාරක හා තාක්ෂණික විභවතාව සහ වත්මන් තත්වය පිළිබඳවයි.
උණු දිය උල්පත් ආශ්‍රිතව ප්‍රදේශයේ වනගහනය වැඩිකිරීම, දූපත අලංකරණය, ගොඩබිම සිට දූපත දක්වා පාලමක් ඉදි කිරීම යන කරුණද සාකච්ඡා වී තිබෙනවා.
එම අවස්ථාවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.හේරත්, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ඩබ්. වසන්ත ඇතුළු නිලධාරීන් සහ තවත් ආයතන කිහිපයක් ද එක්ව සිටියා.