සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව තරගාවලිය දිනයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා.

තරගාවලිය තරග 2-1ක් ලෙස දිනාගැනීමට ද ශ්‍රී ලංකාවට ඒ අනුව හැකිවුණා.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් ලකුණු 192ක ඉලක්කයක් හිමිවූ අතර එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට සමත් වුණා.

කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් වූ අතර කුසල් ජනිත් නොදැවී ලකුණු 46ක් රැස්කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *