ජනපති හා දකුණු අප්‍රිකානු හිටපු ජනපති අතර හමුවක්

දකුණු අප්‍රිකානු හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) පැවසුවේ විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවයි.


ඔහු මේ බව පැවසුවේ ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදීයි.


දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ  සංස්කෘතින් පැවතීම නිසා දෙරටෙහි සමානත්වයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.


ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවා.

ශ්‍රී ලංකාවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් ෂාල්ක් ( Sandile Schalk), තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස්වෙල් බොක්වානා (Maxwell Boqwana) , තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලුක්හන්යෝ නීර් (Lukhanyo Neer) එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *