ධීවර ගැටළුවලට විශේෂ අවධානයක්

ධීවර කටයුතු සම්බන්ධ විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක් අද ත්‍රිකුණාමලයේදී පැවැත්වුණා.

ධීවර ප්‍රජාවට බලපාන ජීවනෝපාය අභියෝග, නියාමන ගැටළු, ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් පුළුල්  සම්බන්ධීකරණය අවශ්‍ය වන තත්ත්වයන් පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

අනාගත ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේ දී වෙරළබඩ ප්‍රජාවන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් කඩිනම් හා දීර්ඝකාලීන විසඳුම් සකස් කිරීම සම්බන්දයෙන් ද සාකච්ඡා කර ඇත.  

මෙම සාකච්ඡාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාද ද සහභාගී විය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *