මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.
මෙම ඉදිකිරීම් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතයි.
මෙම පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ළමා වාට්ටු සංකීර්ණය ඉදිකරනු ලබයි. වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට ද අපේක්ෂා කරයි. මෙහි සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.
රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටිනවා.
සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත් එම වැඩකටයුතු යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60 ක වැඩිවීමක් සිදු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියා.