විදේශ රැකියා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, අභියෝග හා අඩුපාඩු සහ එහිදී ගතයුතු පියවර විමර්ශනය කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වුණා.ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව විදේශ කටයුතු හා නියෝජ්‍ය අමාත්‍යය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අවධානයට ලක්විය.
විදේශ රැකියා අංශය විධිමත් කිරීමේ පළමු සාකච්ඡාව පැවැත්වුණේ ඊයේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි . එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විදෙස් ශ්‍රමිකයින්ට ආරක්‍ෂිත පරිසරයක් ගොඩනැගීම සහ විධිමත් යන්ත්‍රණයක් ක්‍රියාත්මක කළයුතු බවයි.
ඉදිරියේදී දිස්ත්‍රික් 25ම නියෝජිතයින් සමග මෙවැනි සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.මේ සාකච්ඡාව සඳහා විදේශ රැකියා නිළධාරින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.